Home දේශීය පුවත් ඉන්දියාව පරදා ශ්‍රී ලංකාව විස්සයි 20 තරගාවලිය ජයගනී

ඉන්දියාව පරදා ශ්‍රී ලංකාව විස්සයි 20 තරගාවලිය ජයගනී

ඉන්දියාව පරදා ශ්‍රී ලංකාව විස්සයි 20 තරගාවලිය ජයගනී

තරග තුනකින් සමන්විත තරගාවලිය 2-1 ලෙස ජය ගනිමින් මාස 20කට පසුව ශ්‍රී ලංකාව විස්සයි 20 තරගාවලියක ජයග්‍රහණය අද (29) භුක්ති වින්දේය.

ශ්‍රී ලංකාව විස්සයි 20 තරගාවලියක දී ඉන්දියාව පරාජය කරනු ලැබුවේ පළමු වතාවටය.

පකිස්තානයට එරෙහිව 2019 ඔක්තෝබර් 10 වැනිදා ලබාගත් තරගාවලි ජයග්‍රහණයෙන් පසුව තරගාවලි ජයක් ලැබීමට ශ්‍රී ලංකාව මෙවර සමත්විය.

ප්‍රබල ඉන්දීය කණ්ඩායම නියමිත පන්දු වාර 20 තුළ ලකුණු 81කට සීමා කළ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සිය උපන් දිනය යෙදුණු අද දිනය ලකුණු 09 කට කඩුලු 4ක් දවාලීමට වනිඳු හසරංග සමත්විය.

ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ දී උපන් දිනය දා හොඳම පන්දු යැවීමේ ලෝක වාර්තාව ද වනිදු හසරංග සතු වුයේය. විස්සයි 20 ලෝක කුසලානයට පෙර ඉන්දියාව මුහුණ දුන් අවසන් විස්සයි 20 තරගාවලිය මෙය විය.

ඉන්දියාව 81/8 (20) ශ්‍රි ලංකාව 82 /3 (14.3)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here