Home දේශීය පුවත් නිරුවත ප්‍රසිද්ධකරන බවට තර්ජනය කර එංගන්තයේ ඉදන් ලංකාවේ කාන්තාවකගෙන් ගන්න හැදූ ලක්ෂ 17 ක කප්පම

නිරුවත ප්‍රසිද්ධකරන බවට තර්ජනය කර එංගන්තයේ ඉදන් ලංකාවේ කාන්තාවකගෙන් ගන්න හැදූ ලක්ෂ 17 ක කප්පම

0
නිරුවත ප්‍රසිද්ධකරන බවට තර්ජනය කර එංගන්තයේ ඉදන් ලංකාවේ කාන්තාවකගෙන් ගන්න හැදූ ලක්ෂ 17  ක කප්පම
Man holds, gives a bag of money in hand like a bonus. Businessman holding bag of money in hand offering bribe with copy space. Cash bag concept.

සමාජ මාධ්‍ය මගින් දැන හදුනාගෙන වට්ස්ඇප් මගින් වසරකට වැඩි කාලයක් සම්බන්ධකම් පැවැත්වූ වැල්ලවත්තේ කාන්තාවක් බිය ගන්වා එංගලන්තයේ සිටින පුද්ගලයෙක් රුපියල් ලක්ෂ 17 ක කප්පමක් ගැනීමට තැත් කිරීමක් ගැන පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය පරීක්ෂණ පවත්වා සැකපිට දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.

එම කාන්තාව විවාහාක තැනැත්තියක් වන අතර වැල්ලවත්තේ පදිංචිකාරියකි. ඇය සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ හදුනාගත් තැනැත්තා යාපනයේ වැසියෙක් වන අතර මේ වන විට සිටින්නේ එංගලන්තයේය. කිසි දිනක මුණ ගැසී නැති ඔහු සමග අනියම් ප්‍රේමයක් සමාජ මාධ්‍යජ ජාලය ඔස්සේ ඇතිකරගත් ඇය වට්ස් ඇප් දුරකතන ඇමතුම් හරහා ඔහු සමග වීඩියෝ ඇමතුම් හරහා සම්බන්ධය පවත්වාගෙන ගොස් ඇත. ඒ ඇතැම් අවස්ථාවලදී ඔහුගේ ඉල්ලීම මත ඇය වට්ස්ඇප් වීඩියෝ ඇමතුම ඉදිරියේ නිරුවත්වී ඇති බවද සදහන්ය.

මෑතකදී දෙදෙනා මත ගැටුමක් හේතුවෙන් අමනාප වී ඇති අතර එතැන් පටන් එංගලන්තයේ පදිංචි පුද්ගලයා ඇයට ඇමතුම් දෙමින් තර්ජනය කර ඇත්තේ ලක්ෂ 17 ක මුදලක් ලබානොදුනහොත් නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කරන බවටය. ඇය ඒ ගැන බිය වී පොලිස් ළමා හා කාන්තා අපයෝජන වැලැක්වීමේ කාර්යාංශයට පැමිණිලි කර ඇත. එහිදී ළමා හා කාන්තා කාර්යාංශයේ උපදෙස් මත ඇය ලක්ෂ 17 ක මුදලින් කොටසක් ලෙස ලක්ෂ 07 ක මුදලක් ලබාදීමට ඔහුට පොරොන්දු වී තිබේ. ඒ අනුව ඔහු එම කප්පම් මුදල ළබා ගැනීමට ඔහුගේ මොරට සිටින මිතුරන් දෙදෙනෙක් ඊයේ යුනියන් පෙදෙසට එවා ඇති අතර එහිදී ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් ඔවුන් දෙදෙනාව අත්අඩංගුවට ගෙන ඇත. එම පුද්ගලයින් කොම්පඤ්ඥවීදියේ පදිංචිකරුවන් බවත් ඔවුන් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වෙන බවත් ළමා හා කාන්තා අපයෝජන වැලැක්වීමේ කාර්යාංශය සදහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here