
මේ දිනවල හමුවන කොවිඩ් රෝගීන්ගේ රෝග ලක්ෂණ වෙනදාට හමුවන රෝගීන්ට සාපේක්ෂව වැඩිබව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ හේමන්ත හේරත් මහතා සදහන් කළේය.
එම කොවිඩ් ආසාදිතයින්ට ප්‍රතිකාර ලබාදීමේදී පෙරට වඩා ඔක්සිජන් අවශ්‍යතාවය ද ඉහළ ගොස් ඇති බවද ඔහු සදහන් කරයි.
මේ තත්වය මත කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර ලබාදීමට රෝහල්වල සැළසුම්කර තිබුණු ඉඩකඩද බොහෝ දුරට සම්පූර්ණ වි ඇතැයිද වෙද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.
කොළඹ කොවිඩ් ආසාදිතයන්ගෙන් ලබාගත් නියැදි පරීක්ෂාවට අනුව කොවිඩ් ආසාදිතයන්ගෙන් සියයට 20 සිට 30 දක්වා ඩෙල්ටා ප්‍රභේදය හමුවන බවද ඔහු වැඩිදුරටත් සදහන් කළේය.