තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්විදුහල්පතිවරු අද සිට සියලුම රාජකාරිවලින් ඉවතට

    විදුහල්පතිවරු අද සිට සියලුම රාජකාරිවලින් ඉවතට

    අංජනා මල්ලවාරච්චි

    ගුරු වැටුප් විෂමතා ඉවත් කර ගැනීම සඳහා දැනටමත් ගෙන ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තවත් වැඩි කරමින් විදුහල්පතිවරුන් අද (26) සිට සියලුම රාජකාරිවලින් ඉවත් වී තිබේ.

    අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ හෝ පළාත් අධ්‍යාපන කාර්යාලය සඳහා කිසිදු රාජකාරියක නිරත නොවන අතර දුරකතනය ඔස්සේ සිදුකරනු සාකච්ඡා පවා සිදු අත්හිටවූ බව ලංකා විදුහල්පති සංගමයේ ලේකම් පියසිරි ප්‍රනාන්දු මහතා පැවසීය.

    විදුහල්පතිවරුන් සියලුම රාජකාරිවලින් ඉවත් වන බව අධ්‍යාපන ලේකම්වරයාට දැනුම් දුන් බව ප්‍රනාන්දු මහතා කීය.

    ශ්‍රී ලංකා වෘත්තියවේදීන්ගේ සංගමය, ලංකා විදුහල්පති සංගමය, විදුහල්පති වෘත්තිකයින්ගේ සංගමය, ජාතික විදුහල්පති සංගමය, විදුහල්පති සේවා සංගමය ඇතුළු විදුහල්පති සංගම් ගණනාවක නායකයින්ගේ නායකයින්ගේ අත්සනින් යුතුව එම දැනුම්දීම අධ්‍යාපන ලේකම්වරයාට කර තිබේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img