අංජනා මල්ලවාරච්චි
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන් වාර්ෂික නිලවරණය පැවැත්වීමේදී දූෂණ හා අක්‍රමිකතා රැසක් සිදුකර ඇතැයි චෝදනා කරමින් එම නිලවරණයට තරග කරන වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු මහතා කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද පස්වරුවේ පැමිණිල්ලක් කළේ ය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වර්තමාන නිලධාරීන් නිලවරණය ප්‍රකාශයට පත් කළ පසුවත් ප්‍රධාන කාර්යාලයේ දේපළ අයථා ලෙස භාවිතා කරන බවටත් සාමාජිකයින්ගේ වන බවටත් සාමාජිකයින් නොමඟ යවන බවට චෝදනා කරමින් වෛද්‍ය ප්‍රියන්ත මහතා එම පැමිණිලි කර තිබේ.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සංගමයේ වර්තමාන නිලධාරි මණ්ඩලය නිලවරණයේ නාමයෝජනා භාර ගැනීමේ අයදුම්පත් ප්‍රතික්ෂේප වන ආකාරයට සකස් කර බෙදාහැරීම, මියගිය හා විශ්‍රාමික සාමාජිකයන්ට තැපැල් ඡන්ද අයදුම්පත් නිකුත් කිරීම, තැපැල් ඡන්දය අයථා ලෙස භාවිතා කිරීම ඇතුළු වංචා හා දූෂණ රැසක් සිදුකරන බව එම පැමිණිල්ලේ සඳහන් වේ.