තවත්
    මුල් පිටුවදේශීය පුවත්GOSSIPඋපේක්ෂාට පොලිස් ඇප

    උපේක්ෂාට පොලිස් ඇප

    කටුගස්තොට පොලිසිය විසින් රිය අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී සහ රංගන ශිල්පිනී උපේක්ෂා ස්වර්ණමාලි පොලිස් ඇප මත මුදා හැරිමට පියවර ගෙන ඇත.

    ඒ අනුව ඇය අධිකරණය හහමුවට ඉදිරිපත් නොකෙරෙනු ඇත.

    මේ දිනවල විකාශය වන රියැලිටි වැඩසටහනක පුහුණුවීම් සදහා ගොස් මහනුවරට ගොස් නැවත තම ඥාතියෙකුගේ නිවසට යමින් සිටිය දී මෙම රිය අනතුර සිදු වී ඇත.

    අනතුරට ලක්වූ යතුරුපැදිකරු සුළු තුවාල ලබා ඇතිි අතර ඔහු රෝහල්ගත කර ඇති ඇයම පොලීසියට‍‍ මේ බව දන්වා ඇත. ඇය අත්අඩංගුවට පත්ව ඇත්තේ ඉන් අනතුරුවයි.

    සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටුගස්තොට පොලිසිය විසින් සිදු කරයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img