Home මුල් පිටුව ගල්කිස්ස වෙරළේ අසාමාන්‍ය කුණු තොගය නගර සභාවක වැඩක්!

ගල්කිස්ස වෙරළේ අසාමාන්‍ය කුණු තොගය නගර සභාවක වැඩක්!

0
ගල්කිස්ස වෙරළේ අසාමාන්‍ය කුණු තොගය නගර සභාවක වැඩක්!

ගල්කිස්ස මුහුදු වෙරළට හිටිහැටියේ අසාමාන්‍ය ලෙස ප්ලාටික් අපද්‍රව්‍ය තොගයක් ගොඩගැසීම සම්බන්ධයෙන් පොලිස් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

ඊට හේතුවී ඇත්තේ නොදිරන ප්ලාස්ටික් අපද්‍රව්‍ය තොගයක් වන මෙම කසළ තොගට පළාත් පාලන ආයතනයක් විසින් එක්රැස් කර මෑතකදී මුහුදට දමපු ඒවා බවට පෙනී යාමයි.

කොරෝනා වසංගතය පවතින දිනවල එක්තරා නගර සභාවකින් බෙදන ලද බෑග් තොගයක් මෙම කසළ තුළ තිබී හමුවී තිබේ.

එහි තිබූ බීම බෝතල්වල නිෂ්පාදිත දිනය මාස 2කට පමණ එහා මෑතකදී නිෂ්පාදනය කළ ඒවා බවට ද පෙනී ගොස් ඇත.

කිසියම් පළාත් පාලන ආයතනයකින් එකතු කරන ලද නොදිරන කසළ තොගයක් අවිධිමත් ලෙස මුහුදට බැහැර කළ බවට පෙනී යාම හේතුවෙන් මේ පිළිබද වැඩිදුර විමර්ශන අරඹා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here