
ශ්‍රී ලංකාවේ දිනක් තුළ පළමු වරට කොවිඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 4ක් ලබාදෙමින් දිනක් තුළ වැඩිම එන්නත් ලබාදීම ඊයේ (24) වාර්තා කර තිබේ.
ඊයේ මෙරට තුළ දිස්ත්‍රික් 10කදී එන්නත් මධ්‍යස්ථාන 215කදී ජනතාවට ලබාදී තිබු එන්නත් මාත්‍රා ගණන 412,211 ක් බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.
මේ වනවිට ශ්‍රී ලංකාව ගෝලීය වශයෙන් සිදුකෙරෙන එන්නත්කරණ වැඩපිළිවෙළ තුළ වේගයෙන් ඉදිරියට යමින් සිටින බවට දත්ත වාර්තා තහවුරු කරයි.
මේ අතර දිස්ත්‍රික් 15කදී අද (25) කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරේ.
ඒ අනුව මධ්‍යස්ථාන 141කදී අද එන්නත් ලබාදෙන බව කොවිඩ්-19 වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
පහත ලැයිස්තුවේ දැක්වෙන්නේ අද දිනයේ දී එන්නත් ලබාදෙන මධ්‍යස්ථාන ය.
[pdf-embedder url=”http://newswave.lk/wp-content/uploads/2021/07/Vaccination-Centers-on-25.07.2021.pdf” title=”Vaccination Centers on 25.07.2021″]
පරීක්ෂකවරයාගෙන් නිවැරැදිව ඒ පිළිබද තහවුරු කරගන්නා ලෙස කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දැනුම් දී තිබේ.
ඒ ඒ ප්‍රදේශයට අයත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ දුරකතන අංක පහත වෙබ් ලින්ක් ඔස්සේ ලබාගත හැකිය.
මෙතනින් https://alt.army.lk/phi2/