තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ටෝකියෝවේ අශ්වයන් පිට යන වයස්ගතම ඔලිම්පියානුවා

    ටෝකියෝවේ අශ්වයන් පිට යන වයස්ගතම ඔලිම්පියානුවා

    තම ශරීරය තමා අත නොහැරියහොත් 2024 වසරේ ඔලිම්පික් උළෙලට සහභාගී වීමට අපේක්ෂා කරන බව ටෝකියෝවේ‍ මේ වනවිට පැවැත්වෙන ඔලිම්පික් තරගාවලියේ වයස්ගතම තරඟකරුවා වන 66 හැවිරිදි ඕස්ට්‍රේලියානු අශ්වාරෝහක මේරි හැනා පවසයි.

    හැනා තම රට නියෝජනය කරන්නේ අශ්වාරෝහක තරඟ ඛාණ්ඩ තුනෙන් එකක් වන ස්ත්‍රී පුරුෂ භාවය අනුව වෙනස් නොවන, බොහෝ විට වයස අවුරුදු 50 ට වැඩි ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරඟ කරන අංශයකි.

    ‘මම වෙන කුමක් කළ යුතුදැයි මම දන්නේ නෑ. මම කොච්චර කාලෙක ඉඳන් ද මේක කරන්නේ. බලන්න, ඔබේ වයස හෝ ස්ත්‍රී පුරුෂ භාවය කුමක් වුවත් ඔබට එය කළ හැකි පුදුමාකාර ක්‍රීඩා වලින් එකකි, ‘හැනා අද සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගී වීමෙන් පසුව පැවසුවාය.

    මුණුබුරන් සිව්දෙනෙකු සිටින හැනා සහ ටෝකියෝහි ලාබාලතම තරඟකරුවාට වඩා අවුරුදු 54 ක් වැඩිමල්ය.

    ළාබාළතම තරකරුවා වන්නේ 12 හැවිරිදි සිරියානු මේස පන්දු ක්‍රීඩිකා හෙන්ඩ් සාසා ය.

    එය එසේ වුවත හැනා ද ඔලිම්පික් පදක්කමක් දිනා ගැනීමේ බලාපොරොත්තුව අතහැර දමා නැත.

    ‘ඔබේ ඊළඟ අශ්වයා, ඔබේ ඊළඟ තරඟය, ඔබ එය වඩා හොඳට කරන් යන බව ආදිය ගැන ඔබ සැමවිටම සිහින දකිනවා. ඔබට හැකි උපරිමයෙන් කිරීමට ඔබ දිගටම උත්සාහ කරනවා. ඔලිම්පික් උළෙල සඳහා සහභාගී වීම කියන දේ ඇතුළේ තව ඊට වඩා බොහෝ දේ තිබෙනවා. ඒ නිසාම මෙහි සිටීම ඉතා අගනා දෙයක්’ හැනා කීවාය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img