fbpx
තවත්
    මුල් පිටුවපරිසරයපාට පාට ලෝකයේ පියාසර මිතුරෝ

    පාට පාට ලෝකයේ පියාසර මිතුරෝ

    කලු පොල්කිච්චා / Indian Robin / Black Robin
    පිරිමි සතාගේ අතරමැද අවස්ථාව​(Intermediate Stage)

    මෙරට හමුවන පොල්කිච්චන් අතුරින් කුඩාමයා වන කලු පොල්කිච්චාගේ පරිනත පිරිමි සතුන් තද නිල්-කලු වර්නයෙනුත්,ගැහැනු සතුන් තද දුඹුරු වර්නයෙනුත් යුතු වේ.
    දෙදෙනාගේම පෙඳය යටපැත්තේ මුල් කොටසේ තිබෙන පිහාටු ගොනුව රතු-දුඹුරු පාටින් යුතුය.

    අපරිනත පිරිමි සතුන් ගැහැනු සතුන් මෙන්ම තද දුඹුරු ශරීර වර්න දරමින් සිටින අතර ඔවුන් පරිනත සතුන් දරන වර්න ලබා ගැනීම ක්‍රම ක්‍රමයෙන් සිදු කරයි.
    මේ ඡායාරූපයෙහි දැක්වෙන​ පිරිමි සතාගේ පිටේ,පියාපත් ආවරන පිහාටු වලින් කොටසක සහ ලය ප්‍රදේශයේ නිල්-කලු පිහාටු හටගෙන තිබේ.ඒ අනුව අපරිනත පිරිමි සතෙකු ලෙස දක්වන්නට පුලුවන​.

    නමුත්,මෙම පක්ශියා මේ වන විටත් ගැහැනු සතෙකු සමඟ යුගල වී කල් ගත කරයි.එමෙන්ම,පරිනත පිරිමි සතුන් කරන ගඅයනයේත් නිරත වේ.එහිදී වලිගය ඉහලට එසවීමත් එයඅකඅරයෙන්ම සිදු කර ශරීරයේ පිහඅටු විදහා ගනී.මේ චර්‍යාවන් දෙකම පරිනත පිරිමි සතුන් කරන්නාක් මෙනි.මේ නිසාත්,මෙම පිරිමි සතා වර්න වෙනස්වන අවධියක (සංක්‍රාන්තික හෙවත් අතරමැද අවස්ථාවක​) සිටින නිසාත් මෙය අපරිනත ලෙස මෙන්ම යම් අතරමැදි අවස්ථාවක් ලෙසත් දකින්නෙමි.

    තවද​,නිතර හමුවන සහ පහසුවෙන් නිරීක්ශනය කල හැකි පක්ශීන් කෙරේ විමසිලිමත්වීම බොහෝ විට සහ බොහෝ දෙනෙකුට මඟහැරී යන්නකි.නමුත්,ඔවුන් හරි හැටි නිරීක්ශනය කරන්නේ නම් එවන් ගෙවතුවල හමුවන පක්ශීන් පිලිබඳවත් බොහෝ දේවල් අනාවරනය කර ගැනීමට අවස්ථාවක් උදාවන බවත් හැඟෙන්නකි.

    මල් සූටික්කා / Purple-rumped Sunbird
    (Male)

    මෙරට හමුවන සූටික්කන් හෙවත් පැනි කුරුල්ලන් විශේශ තුනෙන් කුඩාමයා වන මල් සූටික්කාගේ පිරිමි සතා මෙරට හමුවන සූටික්කන් විශේශයන් අතුරින් වඩාත්ම වර්නවත් පිරිමි සතා වේ.

    මේ පක්ශියාගේ පිරිමි සතාගේ හිස මුදුන ලෝහමය දිස්නයක් සහිත ලා කොල පාටකි.පියාපත්වල ආවරන පිහාටුවලත් මෙම ලෝහමය දිස්නයක් සහිත ලා කොල පාටින් යුත් කුඩා කොටසක් තිබේ.හිසේ පහල කොටස ලෝහමය දිස්නයක් සහිත දම් පාටකි.ඇස් තද රතු පාටකි.පිට තද රතු පාටකින් සහ පියාපත් තද දුඹුරු පාටකින් යුතුය​.පිරිමි සතාගේ කටීය හෙවත් නිතඹ ලෝහමය දිස්නයක් සහිත දීප්තිමත් දම් පාටක් සහිත වීම මෙම පක්ශියාගේ ඉංග්‍රීසි නම ලැබීමට හේතුව වේ.නමුත්,මේ දම් පාට කොටස පියාපත්වලින් වැසී තිබෙන නිසා දැකීම පහසු නොවේ.උදරය දීප්තිමත් ලා කහ පාටකි.

    මේ ලෝහමය දම්පාට නිතඹ හෙවත් කටීය ප්‍රදේශයෙ මෙම ඡායාරූපයේ පැහැදිලිව පෙනෙන්නට තිබේ.

    ගැහැනු සතා දුඹුරු පාට උඩ කොටස් සහිතය​. අපරිනත පිරිමි සතුන් වර්න අනුව ගැහැනු සතාට බොහෝ සෙයින් සමාන මුත්,පිට ප්‍රදේශයේ තද රතු පාට තිබීම නිසා වෙන්කරගත හැකි වේ.

    ඉතා ක්‍රියාශීලී පක්ශියෙකි.නිතරම එහාමෙහා යමින් කල් ගත කරයි.ප්‍රධාන වශයෙන් මල් පැනි මත යැපේ.නිතරම ලාක්ශනික නාදයක් නඟයි.නාද කරන අතරතුර පියාපත් විවෘත කරමින් සහ වසා ගනිමින් සිටින චර්‍යාවක් පෙන්වයි.

    මෙම පක්ශියා සිහින් අත්තක කුඩා සහ එල්ලෙන කූඩුවක් තනයි.කූඩුව තැනීම සහ බිත්තර රැකීම මුලුමනින්ම සිදු කරන්නේ ගැහැනු සතා විසිනි.මෙම පක්ශියාගේ ප්‍රජනන සමයක් පිලිඹඳව ග්‍රන්ථවල විස්තර තිබුනත්,සුදුසු තත්ව යටතේ වසර පුරා බෝවීම සිදු කරන්නෙකි.
    මේ පක්ශියාගේ ශ්‍රී ලංකාවේ හමුවන පක්ශින් මෙරටට ආවේනික උප​-විශේශයකට අයත් වේ

    ආචාර්ය ජගත් ගුණවර්ධන

    පාරිසරික නීතිඥයෙකු හා ක්‍රියාකාරිකයෙකු වන ජගත් ගුණවර්ධන මහතා දශක තුනක් පුරාවට ශ්‍රී ලංකාවේ වනජීවී, ශාක, සත්ත්ව විශේෂ සහ පරිසරය ආරක්ෂා කර ගැනීම සඳහා තම ජීවිතය කැප කර ඇත.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ආචාර්ය ජගත් ගුණවර්ධන
    පාරිසරික නීතිඥයෙකු හා ක්‍රියාකාරිකයෙකු වන ජගත් ගුණවර්ධන මහතා දශක තුනක් පුරාවට ශ්‍රී ලංකාවේ වනජීවී, ශාක, සත්ත්ව විශේෂ සහ පරිසරය ආරක්ෂා කර ගැනීම සඳහා තම ජීවිතය කැප කර ඇත.

    ඔබේ අදහස් දක්වන්න.