ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටියදී රෝහල්ගත කෙරුණු පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා අද (24) යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන ගොස් තිබේ.
පසුගිය 17 වනදා රෝහල්ගත කර කොළඹ ජාතික රෝහලේ දී සිදු කෙරුණු ප්‍රතිකාරවලින් අනතුරුව අද ඔහු මෙලෙස ගොස් ඇත.
මේ අතර මන්ත්‍රීවරයා විසින් තමන්ව මුදල් ගෙවා ප්‍රතිකාර ලබාගත හැකි කොළඹ ජාතික රෝහලේ ගෙවන වාට්ටුවකට ඇතුළත් කරන ලෙසද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර තිබු නමුත් ඔහු පිළිබඳව සිදුකරන පරීක්ෂණ හේතුවෙන් එය ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ.
හිටපු අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී දැරියක් මිය යාමේ සිද්ධිය අදාළව පොලිසිය විසින් ඊයේ (23) අත්අඩංගුවට ගත් රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිඳ , ඇගේ පියා , එම නිවසට රැගෙන ආ තරව්කරු ද අද 24 පෙරවරුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ආ අයුරු.