තවත්
    මුල් පිටුවදේශීය පුවත්ඇමැති බැසිල් රාජ්‍ය ආයතනවල පටි තද කරයි

    ඇමැති බැසිල් රාජ්‍ය ආයතනවල පටි තද කරයි

    මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා රාජ්‍ය ආයතනවල වියදම් දැඩි ලෙස සීම කරන ලෙස දැනුම් දී ඇත.

    ඒ අනුව රාජ්‍ය ආයතන කොව්ඩ් තත්ත්වය හමුවේ වුවද පවත්වාගෙන ආ අතිරේක වියදම් වහාම ක්‍රියාත්මක වන පරිදි සීමා කරන්නැයි දැනුම් දී තිබේ.

    මේ අනුව රාජ්‍ය ආයතනවලට අලුතින් සේවකයන් බඳවා ගැනීම ද මාස 6ක කාලයකට සීමා කිරීමට යන බව වාර්තා වේ.

    කෙසේ වෙතත් ප්‍රසිද්ධ මාධ්‍ය සඳහා මේ පිළිබඳව මෙතෙක් නිල නිවේදනයක් නිකුත් කර නොමැති අතර රාජ්‍ය මුදල් කලමනාකරණය පිළිබඳ දැඩි ප්‍රතිපත්තියක සිටීමට රජය තීරණය කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img