Home උණුසුම් පුවත් තරුණියක දූෂණ චෝදනාවකට සැකපිට රිෂාඩ්ගේ මස්සිනාත් අත්අඩංගුවට

තරුණියක දූෂණ චෝදනාවකට සැකපිට රිෂාඩ්ගේ මස්සිනාත් අත්අඩංගුවට

0
තරුණියක දූෂණ චෝදනාවකට සැකපිට රිෂාඩ්ගේ මස්සිනාත් අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිළිස්සුම් තුවාල ලබා මියගිය දැරියගේ් සිද්ධිය සම්බන්ධයෙන් කරන පරීක්ෂණ කණ්ඩායම්වල විමර්ශනවලට අනුව ඊට පරිබාහිර සිද්ධියක් සම්බන්ධයෙන් බිරිඳගේ සහෝදරයා හෙවත් මන්ත්‍රීවරයාගේ මස්සිිනා ද පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ රිෂාඩ් මන්ත්‍රීවරයාගේ නිවසේ මීට පෙර සේවය කළ තරුණියක දූෂණය කළ බවට ඇය විසින් පොලීසියට ප්‍රකාශ ලබාදීමෙන් අනතුරුවයි.

පිළිස්සී මියගිය 16 වියැති දැරියගේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කණ්ඩායම් ප්‍රකාශ 20ක් සටහන් කරගෙන තිබේ.

මෙහිදී මීට පෙර මෙම නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටි තවත් කාන්තාවන් දෙදෙනකුගෙන් ද ප්‍රකාශ ලබාගෙන ඇති අතර ඔවුන් ද රැගෙන විත් ඇත්තේ දැරිය රැගෙන ආ ඩයගම තැරැව්කරු බවට හෙළිවී තිබේ.

ඔවුන් දැන් 32 හා 22 හැවිරිදි කාන්තාවන් බව සනාථ වී තිබේ.

එහි 22 හැවිරිදි තරුණිය මෙම නිවසේ සේවයේ යෙදී සිටියදදී දෙවරක් දූෂණයට ලක්ව ඇති බවට අනාවරණය කිරීමෙන් අනතුරුව මන්ත්‍රීවරයාගේ මස්සිනා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු 34 වියැති පුද්ගලයෙක් වන අතර මෙම සැකකරු පිළිබද විමර්ශනය සිදුකරනු ලබන්නේ 16 වියැති දැරියගේ සිද්ධියට පරිබාහිරව ය.

22 වියැති තරුණියගේ ප්‍රකාශවලට අනුව ඇය දූෂණයට ලක්ව ඇත්තේ රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයකුව සිටි සමයේදී ඔහුගේ නිල නිවසේදී බැවින් එම නිවසට ද ගොස් විමර්ශන කිරීමට අපේක්ෂා කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here