Home දේශීය පුවත් රිෂාඩ්ගේ බිරිඳ ඇතුළු තුන් දෙනෙක් අත්අඩංගුවට

රිෂාඩ්ගේ බිරිඳ ඇතුළු තුන් දෙනෙක් අත්අඩංගුවට

රිෂාඩ්ගේ බිරිඳ ඇතුළු තුන් දෙනෙක් අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිඳ ඇතුළු තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්‌ගේ නිවසේදී මෙහෙකාර සේවයේ යෙදී සිටි 16 වියැති දැරියක්‌ පිළිස්සී මියගිය සිද්ධියට අදාළව ය.

මන්ත්‍රීවරයාගේ බිරිඳ වන ෂෙයාබ්දීන් අයේෂා, මාමා හෙවත් බිරිඳගේ පියා වන මොහොමඩ් ෂෙයාබ්දීන් නමැති 70 හැවිරිදි පුද්ගලයා, සහ මෙම දැරිය රැගෙන ආ ඩයගම තැරැවිකරැ වන පොන්නයියා පන්ඩාලම් නමැති 64 වියැති පුද්ගලයා ද අත්අඩංගුවට ගෙන ඇත.

මෙම දැරිය කෲරත්වයට පත්කිරීම, මිනිස් වෙළෙදාම යන චෝදනා මත මොවුන් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේය.

පැය 72 ක කාලයක් තවදුරටත් මොවුන් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට නියමිත බව හෙතෙම කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here