Home දේශීය පුවත් ඔලිම්පික් සමාරම්භයට එක්වන්න ක්‍රීඩා ඇමති නාමල් ජපානයට

ඔලිම්පික් සමාරම්භයට එක්වන්න ක්‍රීඩා ඇමති නාමල් ජපානයට

ඔලිම්පික් සමාරම්භයට එක්වන්න ක්‍රීඩා ඇමති  නාමල් ජපානයට

දෙදහස් විස්ස ගිම්හාන ඔලිම්පික් තරගාවලියේ සමාරම්භක උත්සවයට ආරාධනා ලැබූ තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද (21) දින ජපානය බලා පිටත්වී තිබේ.

ඔලිම්පික් යන ශ්‍රී ලංකා ක්‍රීඩික ක්‍රීඩිකාවන්ට දිරියක් වීමට මෙන්ම සමාරම්භක උත්සවයට එක්වීම සඳහා මෙලෙස ජපානය බලා පිටත්ව යන බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සිය සමාජ මාධ්‍ය ගිණුම්වල සඳහන් කර තිබේ.

2020 ටෝකියෝ ගිම්හාන ඔලිම්පික් උළෙල අනිද්දා (23) ආරම්භ වීමට නියමිතය. රටවල් රැසක ක්‍රීඩික ක්‍රීඩිකාවන් මේවනවිටත් ටෝකියෝ ඔලිම්පික් ගම්මානයට පැමිණ ඇතැයි වාර්තා වේ.

ජපානය බලා පිටත්වීමට පෙර අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සිය ෆෙස්බුක් ගිණුමේ සඳහන් කර ඇති ප්‍රකාශය පහත පරිදි වේ.

“ටෝකියෝ ඔලිම්පික් උළලේ සමාරම්භක උත්සවය නියෝජනය කිරීමට වගේම අපේ රට නියෝජනය කරන ඔලිම්පික් ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිරිගැන්වීම සදහා ජපානය බලා පිටත්ව යාමට සූදානමින්.

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ නිලධාරීන් සහ ජපාන රාජ්‍ය නිලධාරීන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා කිහිපයකට ද සහභාගිවීමට බලාපොරොත්තු වනවා.

ටෝකියෝ ඔලිම්පික් උළෙලේදී රට වෙනුවෙන් උපරිම දක්ෂතා දැක්වීමට අපේක්ෂා කරන අපේම ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිරිමත් කරන්න අපි රටක් ලෙස එකතු වෙමු !” යැයි එහි සඳහන්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here