Home COVID චීන එන්නත් ලක්ෂ 20ක් හෙට එයි – මෙරටට ගෙනා මුළු සයිනොෆාම් කෝටියකට කිට්ටුයි

චීන එන්නත් ලක්ෂ 20ක් හෙට එයි – මෙරටට ගෙනා මුළු සයිනොෆාම් කෝටියකට කිට්ටුයි

චීන එන්නත් ලක්ෂ 20ක් හෙට එයි – මෙරටට ගෙනා මුළු සයිනොෆාම් කෝටියකට කිට්ටුයි

සයිනොෆාම් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා මිලියන 2ක් හෙට (22) දින තුළ දිවයිනට පැමිණෙන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

හෙට දිනයේ ලැබෙන එන්නත් ප්‍රමාණයෙන් මාත්‍රා ලක්ෂ 4ක් කුරුණෑගල දිස්ත්‍රික්කයටත් එන්නත් මාත්‍රා 275,000ක් ගාල්ල දිස්ත්‍රික්කයකටත් බෙදා දීමට නියමිතය.

එමෙන්ම මාතර, බදුල්ල සහ රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා එන්නත් මාත්‍රා ලක්ෂ 2 බැගින් යැවේ.

පුත්තලම, පොළොන්නරුව, නුවරඑළිය, මොනරාගල, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලට එන්නත් මාත්‍රා ලක්ෂය බැගින් ද බෙදාදීමට නියමිතය.

හම්බන්තොට දිස්ත්‍රික්කයට එන්නත් මාත්‍රා 125,000ක් ද ලබාදීමට සැලසුම් කර ඇතැයි මහාචාර්ය චන්න ජයසුමන මහතා වැඩිදුරටත් පැවසීය.

ඒ අනුව ශ්‍රී ලංකාවට මේ දක්වා ගෙන ආ සමස්ත සයිනොෆාම් එන්නත් ප්‍රමාණය ලක්ෂ 91ක් පමණ වන බව ද චන්න ජයසුමන මහතා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here