Home උණුසුම් පුවත් රජයට අයත් ලොව වටිනාම මැණික් 3ක් ලංකා බැංකු සේප්පුවට

රජයට අයත් ලොව වටිනාම මැණික් 3ක් ලංකා බැංකු සේප්පුවට

රජයට අයත් ලොව වටිනාම මැණික් 3ක් ලංකා බැංකු සේප්පුවට

ලොව වටිනාම, මිල කල නොහැකි බැව් පැවසෙන, ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සතුව පවතින මැණික් 03ක් විශේෂ කාර්ය බළකායේ දැඩි ආරක්ෂාව මැද ලංකා බැංකු ප්‍රධාන ගොඩනැගිල්ලේ සේප්පුවේ තැන්පත් කිරීමට අද පියවර ගෙන තිබේ.

ඒ කොල්ලුපිටියේ පිහිටි ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පිහිටි ගොඩනැගිල්ල ගිලා බැසීමේ අවධානමකට ලක්ව තිබීම හේතුවෙන් එහි සියළු කටයුතු තාවකාලිකව අත්හිටුවීම නිසා එහි ආරක්ෂාව තකා ලංකා බැංකු සේප්පුවේ තැන්පත් කිරීම උදෙසා ය.

ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ උපදෙස් පරිදි නාරාහේන්පිට පිහිටි මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශ භූමියේ මේ වන විටත් ස්ථාපිත කරමින් පවතී.

නාරාහේන්පිට මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශ භූමිය සුදානම් කරනතෙක් ජාතික වස්තුවක් වූ මෙම මැණික් ආරක්ෂාව සඳහා ලංකා බැංකු සේප්පුවට රැගෙනවිත් ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here