Home දේශීය පුවත් ගල්කිස්ස මුහුදු වෙරළේ අසාමාන්‍ය ලෙස පිරුණු කැළි කසළ ඉවතට

ගල්කිස්ස මුහුදු වෙරළේ අසාමාන්‍ය ලෙස පිරුණු කැළි කසළ ඉවතට

ගල්කිස්ස මුහුදු වෙරළේ අසාමාන්‍ය ලෙස පිරුණු කැළි කසළ ඉවතට

ගල්කිස්ස මුහුදු වෙරළට හිටිහැටියේ අසාමාන්‍ය ලෙස ගොඩ ගසා තිබූ ප්ලාස්ටික් හා වෙනත් අපද්‍රව්‍ය තොගය ඉවත් කිරීම අද ආරම්භ වී තිබේ.

ගල්කිස්ස මුහුදු වෙරළට අසාමාන්‍ය ලෙස මෙවැනි අපද්‍රව්‍ය තොගයක් ගසාගෙනවිත් තිබුණේ ඉතිහාසයේ පළමු වරටයි.

අද දිනට යෙදී ඇති ජගත් පරිසර දිනය ඇරඹුමේදී මේ ක්‍රියාව සිදුකිරීම ද විශේෂිත විය.

සංචාරක ආකර්ෂණය දිනා සිටින ගල්කිස්ස වෙරළ ඛාදනයට ලක්වීම හේතුවෙන් පසුගිය දිනවල කෘත්‍රිම වෙරළ නිර්මාණය සඳහා වැලි කියුබික් මීටර් 150000ක් පොම්ප කර ඇත.

කළුතර, අඟුලාන සහ ගල්කිස්ස වෙරළට වැලි පොම්ප කිරීම රුපියල් මිලියන 890ක වියදමින් සිදු කෙරුණි.

දකුණු කොළඹ වැලි පෝෂණය කිරීමේ ව්‍යාපෘතිය යටතේ ගල්කිස්ස වෙරළ පෝෂණ ව්‍යාපෘතිය සඳහා වැයවූ මුදල රුපියල් මිලියන 110ක් පමණ වන බව සඳහන් ය.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ගල්කිස්ස කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොහාන් ප්‍රේමරත්න මහතාට ලබා දුන් උපදෙස් පරිදි දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ සහ වන අරණ පරිසර සංවිධානයේ සහයෝගයෙන් ශ්‍රී ලංකා පොලිසීයේ මැදිහත්වීමෙන් මෙම අසාමාන්‍ය අපද්‍රව්‍ය තොගය ඉවත් කිරීමට කටයුතු යොදා තිබේ.

අද සහ හෙට දෙදින ගල්කිස්ස මුහුදු වෙරලේ සංවිධානය කල පිරිසිදු කිරීමේ වැඩසටහනට සහභාගී වී ඔවුන් දිරිමත් කල අවස්ථාව ඡායාරූපයේ දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here