Home COVID කොවිඩ් එන්නත්කරණ වේගය අතින් ශ්‍රී ලංකාව ඉදිරියෙන්

කොවිඩ් එන්නත්කරණ වේගය අතින් ශ්‍රී ලංකාව ඉදිරියෙන්

කොවිඩ් එන්නත්කරණ වේගය අතින් ශ්‍රී ලංකාව ඉදිරියෙන්

ශ්‍රී ලංකාවේ ඊයේ  (17) වන විට කොවිඩ් එන්නත්කරණ වේගය අතින් ලොව ඉදිරියටම පැමිණ ඇති බවට එංගලන්තයේ Our World in Data හි දත්ත උපුටා දක්වමින් චීන තානාපති කාර්යාලය පවසයි.

එම දත්ත උපුටාගෙන ඇත්තේ එංගලන්තයේ සහ වේල්සයේ ලියාපදිංචි ග්ලෝබල් චේන්ජ් ඩේටා විද්‍යාගාරයේ ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක Our World in Data දත්ත ඇසුරිනි.

මේ අතර ඉදිරි සති 2-3 තුළ තවත් සයිනෝෆාම් එන්නත් මිලියන 5.6ක් මෙරටට ලැබීමට නියමිත බව කොළඹ පිහිටි තානාපති කාර්යාල නිවේදනය කරයි.

එම එන්නත් ප්‍රමාණය තොග 3කින් මෙරටට ලැබෙනු ඇති බව එම කාර්යාලය කියා සිටී.

එම කාර්යාලය නිල සමාජ ජාල පිටුවේ මෙම සටහන තබා තිබුණේ ‘එන්නත් රොකට්ටුව දියත් කිරීම’ යනුවෙන් සඳහනක් ද කරමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here