Home COVID මොඩර්නා මහනුවරට

මොඩර්නා මහනුවරට

මොඩර්නා මහනුවරට

දිවයිනට අද ලැබුණු කොවිඩ් මර්දන මොඩර්නා එන්නත් මාත්‍රා මහනුවර දිස්ත්‍රික්කයට ලබාදීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

අමෙරිකාවේ නිෂ්පාදනය කෙරෙන මොඩාර්නා එන්නත් මාත්‍රා ලක්ෂ 15ක් අද (16) පෙරවරුවේ ශ්‍රී ලංකාවට ලැබී තිබුණි.

එම එන්නත් නිල වශයෙන් ශ්‍රී ලංකාවට භාර ගැනීමේ අවස්ථාවට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා ඒ බව පැවසීය.

“අපේ රටේ එන්නත්කරණ වැඩපිළිවෙලට යොමු කරන 5වන එන්නත තමයි මොඩර්නා එන්නත. මේකත් ෆයිසර් එන්නත හා සමානම එන්නතක්. මොඩර්නා එන්නත සෙල්සියස් අංශක -20ක උෂ්ණත්වයේ ගබඩා කරලා තියන්න පුළුවන්. මේක 93% කාර්යක්ෂමතාවයක් තියෙන එන්නතක්. අපි බලාපොරොත්තු වෙනවා අද ලැබුණු එන්නත් ප්‍රමාණය මහනුවර දිස්ත්‍රික්කයේ එන්නත්කරණ වැඩපිළිවෙලේ ඉතිරි කොටස සාර්ථක කරගැනීම සඳහා යොමු කරන්න. ඉදිරියේදීත් මොඩර්නා එන්නතේ තවත් මාත්‍රා තොගයක් අපේ රටට ලබාදීමට අමෙරිකාවේ අවදානය යොමුවෙලා තියෙනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here