Home දේශීය පුවත් පොහොට්ටුවේ මන්ත්‍රීට පහරදුන් පොහොට්ටුවේ මන්ත්‍රී බන්ධනාගාරයට

පොහොට්ටුවේ මන්ත්‍රීට පහරදුන් පොහොට්ටුවේ මන්ත්‍රී බන්ධනාගාරයට

0
පොහොට්ටුවේ මන්ත්‍රීට පහරදුන් පොහොට්ටුවේ  මන්ත්‍රී බන්ධනාගාරයට

වත්තල ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රී රොෂාන් තිරිමාන්ත මහතාට පහරීමක් සම්බන්දයෙන් වත්තල පොලීසිය මගින් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා පෙදුජන පෙරමුණනේම වත්තල ප්‍රා‍දේශීය සභාවේ මන්ත්‍රීවරයෙක් වන නීල් ඉන්දික මහතා ඇතුළු තිදෙනෙක් ලබන 22 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට වත්තල මහේස්ත්‍රාත් අධිකරණය නියෝගකර තිබේ.

මෙම පහරදීමට මුල්වී ඇත්තේ රොෂාන් තිරිමාන්න මන්ත්‍රීවරයා විසින් මාධ්‍ය හමුවක් පවත්වමින් නීල් ඉන්දික මන්ත්‍රීවරයාගේ ක්‍රියාකලාප විවේචනය කිරීමක් බව පොලීසිය සදහන් කරයි.

රාගම හීන්කන්ද ප්‍රදේශයේ නිවසක් පිටුපස වෙල්යායක පවත්වාගෙන ගිය මහා පරිමාණයේ නීති විරෝධි මත්පැන් පෙරන ස්ථානයක් කැලණිය කොට්ඨාශ දූෂණ මර්දන බලකායේ නිලධාරීන් විසින් දින කිහිපයකට පෙර වටලනු ලැබීය. පොලීසිය එම ස්ථානය වටලන විට සැකකරුවන් කිසිවෙකුත් එහි සිට නැත. ඒ අසල පිහිටි නිවස නීල් ඉන්දික මහතාගේ බව පොලීසිය සදහන් කළේය. එම සිදුවීම මුල්කරගනිමින් රොෂාන් ‍තිරමාන්න මහතා මාධ්‍ය හමුව ඉකුත් 14 වෙනිදා පවත්වා තිබේ. එදින රාත්‍රියේ පහරදීම සිදුව ඇති අතර ඊට නීල් ඉන්දික මහතාත් ඔහුගේ පුතාත් ඥාති පුතාත් සම්බන්ධව ඇති බව රොෂාන් තිරිමාන්න මහතා පොලීසියට කර ඇති පැමිණිල්ලෙහි දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here