තවත්
    මුල් පිටුවCOVIDඇතැම් සෞඛ්‍ය නිලධාරීන් හමුදාවට දත්ත දී නෑ - එන්නත ගත් ලක්ෂ 3ක...

    ඇතැම් සෞඛ්‍ය නිලධාරීන් හමුදාවට දත්ත දී නෑ – එන්නත ගත් ලක්ෂ 3ක තොරතුරුවල අවුලක්

    කොවිඩ් මර්දන එන්නත්කරණ ආරම්භ වී පළමු එන්නත් මිලියනය ලබාදුන් ජනතාවගෙන් ලක්ෂ 3ක පමණ පිරිසකගේ තොරතුරු, සෞඛ්‍ය අංශ විසින් පරිගණගත කිරීම සඳහා හමුදාවට ලබානොදීම නිසා එම පිරිසගේ දත්තවල ගැටලු මතුවී ඇතැයි යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

    යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පෞද්ගලික රූපවාහිනී වැඩසටහනට අද (14) එක්වෙමින් පැවසුවේ සෞඛ්‍ය අංශය විසින් දත්ත එකතු කළ පළමු එන්නත්කරණ වැඩසටහනේදී බොහෝදුරට එම ගැටලු මතුව ඇති බවය.

    යුද හමුදාව මගින් මෙම එන්නත්කරණය ආරම්භ කළ පළමු දින සිටම දත්ත පරිගණකගත කළ අතර එම දත්ත සියල්ල ආරක්ෂිතව හා නිවැරැදිව පවතින බවට ඔහු පෙන්වා දුන්නේ ය.

    එහෙත් සෞඛ්‍ය අංශ විසින් පොත්වල ලියමින් එන්නත්ලැබූවන්ගේ තොරතුරු අන්තර්ගත කිරීම නිසා ඇතැම් දත්තවල අපැහැදිලි තත්ත්වයක් ද මතුව ඇති බව හෙතෙම කීය.

    එම දත්ත ලබාගැනීමට ගිය අවස්ථාවලදී දත්ත ලබාදීම ඇතැම් සෞඛ්‍ය නිලධාරීන් ප්‍රතික්ෂේප කිරීම මෙම තත්ත්වයට බලපෑ බව ද යුද හමුදාපතිවරයා එහිදී කියාසිටියේ ය.

    “යුද හමුදාව පළවෙනි දවසේ ඉඳලම දත්ත පරිගණක ගත කරලා එකතු කරගත්තා. නමුත් සෞඛ්‍ය අංශවල අපි දැක්කා පොත්පත්වල ලියාගෙන යන ක්‍රමවේදයක් තිබ්බා. ඒ හින්දා ගුවන් හමුදාව ඒ මුල්ම එන්නත්කරණ දත්ත එකතු කරන්න යෙදෙව්වා. එකේදි විවිධ තැන්වලදි ගුවන් හමුදාවට ප්‍රශ්න ආවා. ඒ විස්තර දුන්නැති තැන් තිබුණා. කවුද කිව්වේ කියලා අහලා තිබුණා. ගුවන් හමුදාව එනතට ගියාම දත්ත දෙන්න බෑ කියලා තිබුණා.

    මේ වනවිටත් ලක්ෂ 3ක විතර දත්ත ප්‍රමාණයක් ඇතුළත් කරන්න තියෙනවා. සෞඛ්‍ය අංශවලින් තමයි ඒ ටික එන්න තියෙන්නේ. පළවෙනි එන්නත් මිලියනයේ තමයි ඔය ගැටලුව තියෙන්නේ. සමහර දත්තවල අඩුපාඩු තියෙනවා. අපහැදිලි තැන් තියෙනවා. දැන් ඉස්සරහට ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව 560,000කට විතර දෙන්න තියෙනවා. ඒ වෙද්දි ඒ අය එළියට එනවනේ. ඒ අවස්ථාව වෙද්දි මේ තත්ත්වය සමථයකට පත්වෙයි.”

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img