තවත්
    මුල් පිටුවඅධ්‍යාපනයගුරු-විදුහල්පතිවරුන්ගේ ඔන්ලයින් වර්ජනය නිසා විභාග අයදුම්පත් ගන්න බැරුව දරුවන් අමාරුවේ

    ගුරු-විදුහල්පතිවරුන්ගේ ඔන්ලයින් වර්ජනය නිසා විභාග අයදුම්පත් ගන්න බැරුව දරුවන් අමාරුවේ

    අංජනා මල්ලවාරච්චි

    පාසල් සිසුන්ට මාර්ගගත ක්‍රමයට අධ්‍යාපනය ලබාදීම දෙවැනි දිනටත් අද සිදු නොවූ අතර එම ක්‍රියාමාර්ගය අඛණ්ඩව සිදුකරන බව ගුරු හා විදුහල්පති සංගම් නායකයෝ පවසති.

    මේ අතර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2021 විභාගයට සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත් ඉල්ලුම් කිරීමට සිසුන් සහ මාපියන් පිරිසක් අද පාසල්වලට ගොස් තිබූ නමුත් ඇතැම් පාසල් වසා තිබුණු හෙයින් ඔවුන්ට හිස් අතින් නිවෙස්වලට යාමට සිදු වූහ සිදු වූහ විදුහල්පතිවරුන් පිරිසක්ද මාර්ගගත ක්‍රමයට රාජකාරි කිරීමෙන් වැළකී සිටීම නිසා උසස් පෙළ සිසුන්ගේ සහ ශිෂ්‍යත්ව සිසුන්ගේ විභාග අයදුම්පත් ලබාගැනීම ප්‍රතික්ෂේප කර තිබුණි.

    ගුරු සහ විදුහල්පති සංගම් නායකයින් පවසන්නේ ඔන්ලයින් වර්ජනය අඛණ්ඩ අඛණ්ඩව ඉදිරියටත් ක්‍රියාත්මක බව ය.

    නීති විරෝධීව රඳවා සිටින ගුරු වෘත්තිය සමිති නායකයින් ඇතුළු පිරිසක් නිදහස් කරන ලෙස අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීම නතර කරන ලෙසත් ඉල්ලමින් ගුරු සහ විදුහල්පතිවරු වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය නිරතව සිටිති.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img