Home දේශීය පුවත් ඔන්ලයින් ගුරු වර්ජනය දිග්ගැස්සේ

ඔන්ලයින් ගුරු වර්ජනය දිග්ගැස්සේ

0
ඔන්ලයින් ගුරු වර්ජනය දිග්ගැස්සේ

ඔන්ලයින් ඉගැන්වීම්වලින් ඉවත්වෙමින් ගුරු විදුහල්පතිවරුන් ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද (13) දිනයේත් ක්‍රියාත්මක විය.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනතට එරෙහිව පසුගිය 08 වෙනිදා පැවැති විරෝධතාවට සහභාගී වූ තම සාමාජිකයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමෙන් පසු අධිකරණයෙන් ඇප නියමකර තිබියදීත් නිරෝධායනය සඳහා රැගෙන යාමට විරෝධය පළ කිරිම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ නිරතව සිටින බව ගුරු විදුහල්පතිවරු සදහන් කරති. මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට ගුරු සංගම් 14 ක් සම්බන්ධව සිටියි.

,තම ඉල්ලීම්වලට මේ දක්වා රජය අවධානය යොමු නොකිරීම හේතුවෙන් වැඩවර්ජනය අද දිනයේදීත් ක්‍රියාත්මක කළ බව ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here