Home දේශීය පුවත් ඉන්දියාවෙන් ආ මිලියන 103 ක කේරළ ගංජා නාවික හමුදා දැලේ

ඉන්දියාවෙන් ආ මිලියන 103 ක කේරළ ගංජා නාවික හමුදා දැලේ

0
ඉන්දියාවෙන් ආ මිලියන 103 ක කේරළ ගංජා නාවික හමුදා දැලේ

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය අනලතිවු දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ අද (12) අළුයම කළ විශේෂ සෝදිසි මෙහෙයුමකින් ඉන්දිවේ සිට රැගෙන එමින් තිබුණු කේරළ ගංජා කිලෝ 344යි ග්‍රෑම් 550ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු ඩිංගි යාත්‍රාවක් සමග නාවික හමුදාව සිය භාරයට ගෙන තිබේ.

ඩිංගි යාත්‍රාවේ තිබූ පොලිතීන් මළු 11ක කේරළ ගංජා තොගය අසුරා තිබී ඇත. නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගයේ වටිනාකම සැලකෙන්නේ රුපියල් මිලියන 103 ක් ලෙසිණි. මෙම කේරළ ගංජා තොගය අන්තර් ජාතික මුහුදු සීමාවේදී ඉන්දීය ජාවාරම් කරුවන් විසින් මෙම ඩිංගි යාත්‍රාව වෙත ලබාදී ඇති බවද විමර්ශන වලින් පෙනී ගොස් තිබේ.

නාවික හමුදාව විසින් සිය භාරයට ගත් සැකකරුවන් තිදෙනා අවුරුදු 34ත් 38ත් අතර වයසේ පසුවන නච්චිකුඩා, මන්නාරම සහ යාපනය ගුරුනගර් යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන්ය. එම සැකකරුවන්, කේරළ ගංජා සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා කන්කසන්තුරය පොලීසිය වෙත භාර දී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here