Home විදේශීය පුවත් ඝාතනය කළ හයිටි ජනපතිගේ බිරිඳ කතා කරයි

ඝාතනය කළ හයිටි ජනපතිගේ බිරිඳ කතා කරයි

ඝාතනය කළ හයිටි ජනපතිගේ බිරිඳ කතා කරයි

සිය සැමියාට එක වචනයක්වත් කතා කිරීමට ඉඩ නොතබා ඝාතකයන් එකවරම වෙඩි වරුසාවක් එල්ල කළ බව ඝාතනයට ලක්වූ හයිටි ජනාධිපති ජොවැනෙල් මොයිස් බිරිඳ මාටිනි මොයිස් මුල්වරට ට්ව්ටර් ඔස්සේ හෙළිකර තිබේ.

පසුගිය 7 වැනිදා හයිටි ජනාධිපතිවරයා ඝාතනයට ලක්කිරීම සම්බන්ධයෙන් මේ වනවිට විදේශ කුලී වෙඩික්කරුවන් 28 දෙනෙකු සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත.

මෙම වෙඩි තැබීමෙන් බිරිඳ මාටිනි මොයිස් ද බරපතල තුවාල ලැබූ අතර ඇය හදිසි ප්‍රතිකාර සඳහා මියාමි වෙත ගෙන යන ලදි. පසුගිය සෙනසුරාදා (10) දිනයේ ට්විටර් පණිවුඩයක් තබමින් ඇය මේ බව අනාවරණය කර තිබේ.

“ඇසිපිය හෙළන මොහොතට නිවසට ඇතුලුවූ කුලී හේවායන් මගේ ස්වාමිපුරුෂයාට වෙඩි උණ්ඩ වරුසාවක් එල්ල කළා” යැයි මොයිස් මහත්මිය පටිගත කළ වීඩියෝවකින් ප්‍රකාශ කරන්නීය.

ජොවැනෙල් මොයිස් වැනි ජනාධිපතිවරයෙකුට එක වචනයක්වත් කතා කිරීමට ඉඩ නොදී කළ මෙම ඝාතනය කොතරම් අපරාධයක් දැයි ඇය විමසා සිටී.

නම් සඳහන් කළ නොහැකි පිරිසක් ජනාධිපතිවරයාට වැඩි බලයක් ලැබෙන ව්‍යවස්ථා සංශෝධනයක් සම්බන්ධයෙන් වූ ජනාධිපති සිහිනය ඝාතනය කිරීමේ උවමනාවෙන් පසු වූ බව ඇය හෙළි කරන්නීය.

“මම අඬනවා, එය ඇත්ත, නමුත් අපට රටට මෙම ඝාතනය සමඟ අහිමි වීමට ඉඩ දිය නොහැකියි,” ඇය තවදුරටත් පැවසුවාය.

53 හැවිරිදි මොයිස් මහතා 2017 සිට අමෙරිකාවේ දුප්පත්ම රට වන හයිටියේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ අතර දූෂණ චෝදනාවලට මුහුණ දුන් ඔහුගේ පාලනයට එරෙහිව මේ වසර මුල දී හයිටි අගනුවර සහ අනෙකුත් නගරවල විශාල පෙළපාලි හා උද්ඝෝෂණ පැවැත්විණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here