Home උණුසුම් පුවත් අර්බුදය විසඳගන්න ශ්‍රීලනිපය ජනපති ළඟට යයි

අර්බුදය විසඳගන්න ශ්‍රීලනිපය ජනපති ළඟට යයි

අර්බුදය විසඳගන්න ශ්‍රීලනිපය ජනපති ළඟට යයි

ආණ්ඩුවෙන් ඉවත් වීමේ තීරණයක් මෙතෙක් ගෙන නොමැති අතර තවමත් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා පිළිබඳ තම පක්ෂය විශ්වාස කරමින් සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ එබැවින් තම පක්ෂයේ සාමාජිකයන් මතුව ඇති ගැටලුකාරී තත්වය සාකච්ඡා කර විසඳාගැනීමට තවමත් අපේක්ෂාවෙන් සිටින බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජික මැති ඇමතිවරුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී එළඹෙන 21 වැනිදා මේ පිළිබඳ සාකච්ඡාවක් පවත්වන බව ද හෙතෙම කීය.

කුරුණෑගල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවක දී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියාසිටියේ ය.

“එහෙම තීන්දුවක් (ශ්‍රීලනිපය ලෙස) අරගෙන නෑ. අපි තවදුරටත් විශ්වාසය තියෙනවා අගමැතිතුමා ගැනත් ජනාධිපතිතුමා ගැනත්. ඔවුන් එක්ක සාකච්ඡා කරලා මේ ප්‍රශ්නය විසඳගන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. අපි ජනාධිපතිතුමා එක්ක ලබන 21 වන දා සාකච්ඡාවක් තියන්න බලාපොරොත්තු වෙනවා. ඒකෙන් එන ප්‍රතිඵලත් අපි බලමු කොහොම ද අපේ වැඩ කරගෙන යන්නේ කියලා.“

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here