Home අධ්‍යාපනය 5 ශිෂ්‍යත්වය හා උසස් පෙළ විභාග දින යළි සමාලෝචනයට

5 ශිෂ්‍යත්වය හා උසස් පෙළ විභාග දින යළි සමාලෝචනයට

5 ශිෂ්‍යත්වය හා උසස් පෙළ විභාග දින යළි සමාලෝචනයට

2021 වසර 5 ශිෂ්‍යත්ව හා අ.පො.ස. උසස් පෙළ විභාග සඳහා දැනටමත් ප්‍රකාශයට පත් කර ඇති දිනයන් තවදුරටත් සමාලෝචනය කරන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ අවසන් තීරණය ඉදිරියේදී ප්‍රකාශයට පත් කරන බවයි.

අධ්‍යාපන ලේකම්වරයා පසුගියදා (09) නිවේදනය කර සිටියේ, මෙවර 5 වසරේ ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් 3 වන දින ද පවත්වන බවයි.

එමෙන්ම උසස් පෙළ විභාග ඔක්තෝබර් මස 4 වන දින ආරම්භ කරන බවය.

එහෙත් අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වීමේ දින සම්බන්ධව මත දෙකක් මතුව ඇති බැවින් වඩාත් ප්‍රායෝගික තීන්දුවක් ගැනීම උදෙසා මෙලෙස විභාග දින යළි සළකා බැලීමට අපේක්ෂිත ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here