
2021 වසරේ දී ලොව හොඳම එම්.ඩී.ආර්.ටී සමාගම් 100 අතරට ලැයිස්තුගත වෙමින් Softlogic Life Insurance PLC යළිත් වරක් ජාත්‍යන්තර කීර්තියක් අත්කරගැනීමට සමත් වී තිබේ.
මෙවර ලොව හොඳම ගෝලීය සමාගම් ලැයිස්තුවේ 91 වැනි ස්ථානයට Softlogic Life Insurance PLC සමාගම නම් කර ඇත.
සොෆ්ට්ලොජික් සමූහයේ ආරම්භක සාමාජික සහ සභාපති / කළමනාකාර අධ්‍යක්ෂ අශෝක් පතිරගේ මහතා මෙම ජයග්‍රහණය පිළිබඳ අදහස් දක්වමින් කියාසිටියේ “ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ සමාගම් අතරින් ළාබාලතම සහ පූර්ණ වශයෙන්ම ස්වදේශීය ජීවිත රක්ෂණ සමාගමක් වූ Softlogic Life යළිත් වරක් ශ්‍රී ලංකාව ලෝකයට ගෙනයාම ආඩම්බරයක්” බව ය.

MDRT (Million Dollar Round Table) යනු අමෙරිකාවේ පිහිටා ඇති ජීවිත රක්ෂණ හා මූල්‍ය සේවාවන්හි විශිෂ්ටත්වයේ ප්‍රමිතිය ලෙස ජාත්‍යන්තරව පිළිගත් ගෝලීය සහ ස්වාධීන සංගමයකි. එහි සාමාජිකයින් යම් මට්ටමක වාරිකයක්, කොමිස් මුදලක් සහ ආදායමක් උත්පාදනය කිරීම අවශ්‍ය වන අතර වෘත්තීය නිපුණත්වය, දැඩි ආචාර ධර්ම හැසිරීම සහ කැපී පෙනෙන සේවාදායක සේවාවක් සැපයීම අවශ්‍ය වේ.
MDRT විසින් වාර්ෂිකව ලොව හොඳම ගෝලීය සමාගම් 100 ලැයිස්තුගත කරන අතර මෙවැනිම ආකාරයේ රක්ෂණ හා මුල්‍ය සේවාවන්හි විශිෂ්ටයන් විවිධ අංශ ඔස්සේ ලැයිස්තුගත කරනු ලබයි.