Home COVID කොළඹ අයට කොවිඩ් එන්නතටත් ඊ-චැනලින්

කොළඹ අයට කොවිඩ් එන්නතටත් ඊ-චැනලින්

කොළඹ අයට කොවිඩ් එන්නතටත් ඊ-චැනලින්

අංජනා මල්ලවාරච්චි

කොළඹ මහනගර සභා බල ප්‍රදේශයේ පදිංචිකරුවන්ට ඊ-චැනලින් ක්‍රමය හරහා කොවිඩ් මර්දන එන්නත් ලබාගත හැකි බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

කොළඹ ඛෙත්තාරාම විහාරය, පීඩී සිරිසේන ක්‍රීඩාංගනය කැම්බල් පිටිය, වැල්ලවත්ත සිතුමිණ ශාලාව, රොක්සි උද්‍යානය ශ්‍රී ජයවර්ධනපුර රෝහල ස්ථාන ගණනාවකදී ඊ-චැනලින් ක්‍රමය හරහා එන්නත් ලබාගත හැකි බව සෞඛ්‍ය අංශ කියයි.

වයස අවුරුදු 30ට වැඩි කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ පදිංචිකරුවන්ට එම ක්‍රමය යටතේ සයිනෝෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබා දෙන බවද සෞඛ්‍ය අංශ කියයි.

තම ජංගම දුරකථනයෙන් ඊ-චැනලින් ඇප් එකට පිවිස තම තොරතුරු ඇතුළත් කිරීමෙන් පසුව එන්නත ලබාගත හැකි දිනයක් සහ වේලාවක් සමග ස්ථානයක් වෙන් කර ගත හැකි බව ද සෞඛ්‍ය අමාත්‍යංශය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here