Home උණුසුම් පුවත් සිරස නාළිකාව වසා දැමීමේ සූදානමක්! – සජිත්ගෙන් හෙළිදරව්වක්

සිරස නාළිකාව වසා දැමීමේ සූදානමක්! – සජිත්ගෙන් හෙළිදරව්වක්

සිරස නාළිකාව වසා දැමීමේ සූදානමක්! – සජිත්ගෙන් හෙළිදරව්වක්

ආණ්ඩුව විසින් සිරස රූපවාහිනී නාලිකාවේ විකාශන බලපත්‍රය අත්හිටුවීමේ සූදානමක් පිළිබඳ තමාට දැනගන්නට ලැබී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (7) පාර්ලිමේන්තුවේදී පැවැසීය.

ඔහු එහිදී හෙළි කළේ රජයේ ඉහළ නිලධාරීන් කණ්ඩායමක් සහ නීතිඥයන් කැඳවමින් මේ සම්බන්ධයෙන් සැලසුමක් සකස් කරමින් ඇති බවයි.

සිරස නාලිකාවේ විකාශන බලපත්‍රය අහෝසි නොකරන බවට පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරන්නැයි විපක්ෂනායකවරයා මෙහිදී ආණ්ඩු පක්ෂයෙන් ඉල්ලා සිටියේය.

විපක්ෂ නායකවරයාගේ ප්‍රකාශයෙන් පසු විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව තුළ කෑකෝ ගසමින් සභා ගැබ මැදට පැමිණ විරෝධතාවයට සැරසෙන්නට වූහ.

මෙම ප‍්‍රකාශයට ප‍්‍රතිචාර දක්වමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේ එවැනි කිසිදු ක්‍රියාමාර්ගයක් මේ මොහොතේ සිදුනොවන බවත් කිසිදු මාධ්‍ය ආයතනයට එරෙහිව මර්දනකාරී ක්‍රියාවක් වත්මන් රජය සිදු නොකරන බව ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here