Home උණුසුම් පුවත් ළඟදීම පෙට්‍රල් හිඟයක්! – ඇමති උත්තර දෙයි

ළඟදීම පෙට්‍රල් හිඟයක්! – ඇමති උත්තර දෙයි

ළඟදීම පෙට්‍රල් හිඟයක්! – ඇමති උත්තර දෙයි

නුදුරේදීම මෙරට තුළ පෙට්‍රල්‌ හිඟයක්‌ ඇති වන බවට පළවන වාර්තා පදනම් විරහිත බැවින් ඒ පිළිබඳ ජනතාව කලබල වීමට අවශ්‍ය නොවන බවත්‌ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිළ මහතා අවධාරණය කරයි.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ අද දින වන විට ඳින 30කට ප්‍රමාණවත්‌ පෙට්‍රල්‌ තොග රට සතුව පවතින බව ය.

තවත්‌ දින 13කින්‌ එනම්‌ ජූලි 19 දින මෙට්‍රික්‌ ටොන්‌ 35,000ක පෙට්‍රල්‌ සහිත නැවක්‌ ලංකාවට පැමිණීමට නියමිත බව ද එම නිවේදනයේ සඳහන් ය.

එබැවින්‌ ශ්‍රී ලංකාවේ පෙට්‍රල්‌ හිඟයක්‌ ඇති වීමේ අවදානමක්‌ ඇති බවට පතුරන කතා පදනම්‌ විරහිත බවත්‌ අමාත්‍යවරයා කියා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here