Home උණුසුම් පුවත් එන්නත්කරණය වේගවත්කර සැත්තැම්බරයේ රට විවෘත කරන්න ජනපති සූදානමින්

එන්නත්කරණය වේගවත්කර සැත්තැම්බරයේ රට විවෘත කරන්න ජනපති සූදානමින්

එන්නත්කරණය වේගවත්කර සැත්තැම්බරයේ රට විවෘත කරන්න ජනපති සූදානමින්

එන්නත්කරණය වේගවත් කළහොත් සැප්තැම්බර් වනවිට රට සම්පූර්ණයෙන්ම විවෘත කිරීමේ හැකියාවක් පවතින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (05) සදහන් කළේය.

ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති 99 වැනි ජාත්‍යන්තර සමූපාකාර දින සැමරුම් උත්සවයට සහාගිවෙමින් ව ජනාධිපතිවරයා ඒ බව පැවසීය.

හැකි ඉක්මණින් රට විවෘත නොකළොත් රටේ ආර්ථිකය ඉදිරියට ගෙනයෑමේ හැකියාවක් නොමැති බවද මෙහිදී ජනාධිපතිවරයා අවධාරණය කළේය.

එන්නත් මිලියන 09 ක් මෙම මාසයේදී මෙරටට ලැබීමට නියමිතව ඇතැයිද එහිදී ජනාධිපතිවරයා සදහන් කළේය.

ගොවියාටත් පාරිභෝගිකයාටත් සහන සැලසෙන පුළුල් වැඩකොටසක් සමූපකාර ව්‍යාපාරයට කළ හැකි බව ද මෙහිදී ජනාධිපතිවරයා පැවැසීය.

රජය සැලසුම් කර ඇති කාබනික පොහොර සහ සූර්ය බලශක්ති වැඩසටහන සාර්ථකව ජය ගැනීමට සමූපකාරයට පුළුල් දායකත්වයක් ලබාදිය හැකි බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here