Home දේශීය පුවත් නුවරඑළියේ ළමා නිවාසයක 45 කට කොවිඩ්

නුවරඑළියේ ළමා නිවාසයක 45 කට කොවිඩ්

නුවරඑළියේ ළමා නිවාසයක 45 කට කොවිඩ්
Coronavirus Disease 2019 Rotator Graphic for af.mil. (U.S. Air Force Graphic by Rosario "Charo" Gutierrez)

නුවරඑළිය, හාවාඑළියේ පිහිටි ළමා නිවාසයක සිටි ළමුන් 37 දෙනෙක් සහ කාර්ය මණ්ඩලයේ 08 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදිතව ඇතැයි නුවරඑළිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය අද (05) තහවුරු කළේය.

කොවිඩ් රෝග ලක්ෂණ පෙන්නුම් කළ ළමා නිවාසයේ් දරුවන් 08 දෙනෙකුට පෙර දිනක කළ පී.සී.ආර්. පරීක්ෂාවකදී ඒ අයට කොවිඩ් 19 වෛරසය අසාදිත බව තහවුරු වී තිබුණි. ඒ අනුව ළමා නිවාසයේ ළමුන් සහ පාලකයන් ස්යං නිරෝධායනයට යොමු කර පසුව කරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවෙන් 45 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදිත වී ඇතැයි තහවුරු වී තිබේ.

කොවිඩ් ආසාදිත ළමුන් සහ කාර්ය මණ්ඩලය රෝහල්ගත කර ඇති අතර ළමා නිවාසය තාවකාලිකව වසා දමා විෂබීජහරණයට ලක්කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here