Home උණුසුම් පුවත් සෞඛ්‍ය වර්ජනය නිසා අද PCR – ඇන්ටිජන් පරීක්ෂණත් ඇණහිටී

සෞඛ්‍ය වර්ජනය නිසා අද PCR – ඇන්ටිජන් පරීක්ෂණත් ඇණහිටී

සෞඛ්‍ය  වර්ජනය නිසා අද PCR – ඇන්ටිජන් පරීක්ෂණත් ඇණහිටී

අංජනා මල්ලවආරච්චි

සෞඛ්‍ය සේවාවට අයත් වෘත්තීන් 14ක් සහ කණිෂ්ඨ කාර්යය මණ්ඩලය ක්‍රියාත්මක කළ වැඩවර්ජනය හේතුවෙන් රට පුරා රෝහල් ගණනාවක රෝගී සත්කාරක සේවා අද (05) සම්පූර්ණයෙන්ම පාහේ බිඳවැටී තිබිණ.

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් සහ හෙද සේවයට සමාන්තර අනෙකුත් සේවාවන් නොසලකා හැරීම හේතුවෙන් එම සෞඛ්‍ය වෘත්තිකයින් හා සෞඛ්‍ය සේවකයින් අද එම වැඩ වර්ජනයේ නිරත වූහ.

ඔවුන්ගේ වැඩ වර්ජනය නිසා රට පුරා රෝහල්වල බාහිර රෝගීන්ට ඖෂධ නිකුත් කිරීම, PCR සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකිරීම, MRI ස්කෑන් කිසිවක් සිදු නොවූ බව ද වාර්තා වේ.

මීට අමතරව රෝහල් වල චිකිත්සක සේවාවන්, දන්ත චිකිත්සන කටයුතු, අක්ෂි වෛද්‍ය සේවා කිසිවක් සිදු නොවූ අතර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සහ පවුල් සෞඛ්‍ය සේවාවේ නිලධාරිනියන් ද වැඩ වර්ජනයට එක්වීම නිසා ඔවුන්ගේ කටයුතු ද ඇනහිට තිබිණ.

මේ අතර කොළඹ ජාතික රෝහල ඇතුළු දිවයිනේ ප්‍රධාන රෝහල් රැසකට බාහිර ප්‍රතිකාර ලබාගැනීමට පැමිණි රෝගීහු දහස් ගණනක් හිස් අතින් ආපසු ගියහ.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කොවිඩ් මර්දන එන්නත් ලබාදීමේ වැඩසටහන් වලටද සහභාගී නොවීම නිසා මෙම වැඩසටහන්ද අඩපණ වී තිබිණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here