Home උණුසුම් පුවත් ගැබිනි සායනවල එන්නත් ගැන දුර්මත ඇති පත්‍රිකා අනවසරයෙන් බෙදලා

ගැබිනි සායනවල එන්නත් ගැන දුර්මත ඇති පත්‍රිකා අනවසරයෙන් බෙදලා

ගැබිනි සායනවල එන්නත් ගැන දුර්මත ඇති පත්‍රිකා අනවසරයෙන් බෙදලා

අංජනා මල්ලවආරච්චි

ළඟම පිහිටි රෝහලට හෝ සායනයට හෝ ගොස් කොවිඩ් මර්දන එන්නත් ලබා ගන්නැයි ගර්භණි මාතාවන් ගෙන් ඉල්ලා සිටින බව ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්යවරුන්ගේ විද්‍යායතනය කියයි.

ඇතැම් සායන වලින් විවිධ දුර්මත ඇතුළත් විස්තර පත්‍රිකා ලබාදෙන බවට තොරතුරු ලැබෙන නමුත් එවැනි විස්තර පත්‍රිකාවකට සිය විද්‍යායතනය අනුමැතිය ලබාදී නැතැයි ද ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්යවරුන්ගේ විද්‍යායතනයේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් ද සිල්වා මහතා පැවසීය.

වයස අවුරුදු 30ට වැඩි ගැබිනි මව්වරු රුධිර පීඩනය දියවැඩියාව ඇදුම ආදී රෝගාබාධවලින් පෙළෙන ගැබිණි මව්වරුන්, අවදානම් රැකියාවල නිරත ගැබිණි මව්වරුන් අනිවාර්යයෙන්ම කොවිඩ් මර්දන එන්නත් ලබා ගත යුතු බව ද ඔහු කීය.

ගැබිණි මව්වරුන්ට කොවිඩ් මර්දන එන්නත් ලබාදීමේ වැඩසටහන ආරම්භ කළ පසුව මෙතෙක් එන්නත් ලබාගෙන ඇත්තේ ගැබිණි මව්වරුන් 300ක පමණකැයි ද ඔහු කීය.

කොවිඩ් ආසාදිත මව්වරුන් දොළොස්දෙනෙක් මේ වන විට මියගොස් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here