Home උණුසුම් පුවත් මෙක්සිකෝ මුහුද මතුපිටින් ගිනි ඇහැක් – හේතුව ගෑස් කාන්දුවක්

මෙක්සිකෝ මුහුද මතුපිටින් ගිනි ඇහැක් – හේතුව ගෑස් කාන්දුවක්

මෙක්සිකෝ මුහුද මතුපිටින් ගිනි ඇහැක් – හේතුව ගෑස් කාන්දුවක්

මෙක්සිකෝ බොක්ක ආශ්‍රිත මුහුද මතුපිට ඇතිවූ විශාල ගින්න පාලනය කර ඇති බව මෙක්සිකෝවේ රාජ්‍ය තෙල් සමාගමක් වන පෙමෙක්ස් පවසයි.

මෙක්සිකෝ මුහුද මතුපිටින් දැවී උණුවී යන ලාවා හා සමාන තැඹිලි පැහැ ගිනිදැල්, ඇසක හැඩයක් සහිත ස්ථානයකින් පිටවීම නිසා, සමාජ මාධ්‍යවල හුවමාරු වුණේ ‘ගින්දර ඇහැක්’ යනුවෙන් හඳුන්වාගනිමිනි.

නිවේදනයක් නිකුත් කරමින් පෙමෙක්ස් සමාගම කියා සිටියේ දිය යට නල මාර්ගයෙන් ගෑස් කාන්දුවක් සිදුවී ඇති බැවින් මෙම ගින්න හටගෙන ඇති බවයි.

තෙල් සැකසුම් ස්ථානයක් ආසන්නව ඇති වූ මෙම ගින්න එරට වේලාවෙන් පෙරවරු 10: 45 වන විට නිවා දමා ඇති අතර, තුවාල සිදු වූ හෝ ඉවත් කරගත් පුද්ගලයන් පිළිබද වාර්තා වී නොමැත.

https://twitter.com/CNN/status/1411342082535473152?s=20

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here