Home අධ්‍යාපනය පාසල් වසා තිබ්බත් විදුහල්පතිවරු දරුවන්ගෙන් පහසුකම් ගාස්තු අයකරලා

පාසල් වසා තිබ්බත් විදුහල්පතිවරු දරුවන්ගෙන් පහසුකම් ගාස්තු අයකරලා

පාසල් වසා තිබ්බත් විදුහල්පතිවරු දරුවන්ගෙන් පහසුකම් ගාස්තු අයකරලා

අංජනා මල්ලවාරච්චි

වසර එක හමාරක පමණ කාලයක් තිස්සේ පාසැල් වසා තිබෙන නමුත් ඇතැම් පාසල්වල විදුහල්පතිවරුන් දෙමව්පියන්ගෙන් පහසුකම් හා සේවා ගාස්තු ඉල්ලා සිටින බවට ලංකා ගුරු සේවා සංගමය චෝදනා කරයි.

අදාල ගාස්තු පාසල සංවර්ධන ගිණුමට බැර කොට රිසිට් පත වට්ස්ඇප් මගින් එවන ලෙස විදුහල්පතිවරුන් දෙමව්පියන්ට දන්වා සිටින බවද එම සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පැවසීය.

covid වසංගතය හේතුවෙන් ජනතාව බොහෝ පීඩා විඳිමින් සිටින තත්වයක් තුළ මෙලෙස පහසුකම් හා සේවා ගාස්තු ඉල්ලා සිටීම සාධාරණ බවට මහින්ද ජයසිංහ මහතා කීය.

එම නිසා 2020- 2021 වර්ෂ සදහා අයකර ඇති පහසුකම් හා සේවා ගාස්තු නැවත දෙමව්පියන්ට ගෙවන ලෙස විදුහල්පතිවරුන්ට යොමු කරන්නේ අධ්‍යාපන ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටින බවද කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here