Home උණුසුම් පුවත් අසාත් සාලිට එරෙහිව නීතිපති අධිචෝදනා ගොනුකරයි

අසාත් සාලිට එරෙහිව නීතිපති අධිචෝදනා ගොනුකරයි

අසාත් සාලිට එරෙහිව නීතිපති අධිචෝදනා ගොනුකරයි

බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාත් සාලිට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය වෙත අධිචෝදනා ගොනු කර තිබේ.

ඒ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (පීටීඒ) සහ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (අයිසීසීපීආර්) පනත යටතේ ය.

අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව (සීඅයිඩී) විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහු මාර්තු මාසයේ සිට ප්‍රශ්න කිරීම සඳහා රඳවාගෙන සිටියේය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ (පීටීඒ) විධිවිධාන යටතේ ඔහු ප්‍රශ්න කිරීමට රඳවා ගනු ලැබීය.

ඔහුගේ වාහනයේ පතොරම් සහිත පිස්තෝලයක් ද හමුවී තිබුණී.

මාධ්‍ය හමුවක් පවත්වා අසාත් සාලි විසින් කළ ආන්දෝලනාත්මක ප්‍රකාශ සම්බන්ධයෙන් පැමිණිලි කිහිපයක් ද රහස් පොලිසිය හා පොලිස් මූලස්ථානය වෙත ඉදිරිපත් වී ඇති බවට පොලීසිය මීට පෙර අනාවරණය කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here