Home දේශීය පුවත් නිරෝධායන නීති කැඩූ 428 ක් අත්අඩංගුවට

නිරෝධායන නීති කැඩූ 428 ක් අත්අඩංගුවට

0
නිරෝධායන නීති කැඩූ 428 ක් අත්අඩංගුවට

නිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් 428 දෙනෙකු අද (28) උදෑසන 6.00 න් අවසන් වූ පැය 24 තුළ අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා සදහන් කළේය.

මේ කාලය තුළ වැඩිම පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ මහනුවරිනි. එම ගණන 93 කි.

මාතලෙන් 77 දෙනකු ද, ගම්පොලින් 58 දෙනෙකු ද ගත වූ වු පැය 24 තුළ අත්අඩංගුවට ගෙන ඇතැයිද අජිත් රෝහණ මහතා සදහන් කළේය.

රජයේ කාර්යාලය, පුද්ගලික ආයතන, සුපිරි වෙළඳසැල් , සාප්පු සංකීර්ණ ආදී ස්ථානවල නිරෝධායන නීති අනුගමන කරන්නේ දැයි, සොයා බැලීම සඳහා අද (28) දිනයේ සිට මෙහෙයුම් ක්‍රියාත්මක බව ද අජිත් රෝහණ මහතා වැඩිදුරටත් සදහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here