Home COVID කොවිඩ් එන්නත රජයේ රෝහල්වලදී

කොවිඩ් එන්නත රජයේ රෝහල්වලදී

කොවිඩ් එන්නත රජයේ රෝහල්වලදී

අංජනා මල්ලවාරච්චි

covid-19 මර්දන එන්නත් ලබාදීමේ වැඩසටහනට රජයේ රෝහල් ද එක්කර ගැනීමට නියමිත බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

කොවිඩ් මර්දන එන්නත් ලබාදීම සඳහා රජයේ රෝහල් එක් කර ගැනීමේ වැඩපිළිවෙළක් සෞඛ්‍ය අමාත්‍යාංශය සකස් කර ඇති අතර ඒ සඳහා තම සංගමය ද දායකත්වය ලබාදෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා කීය.

ඒ අනුව ඉදිරියේ දී වයස අවුරුදු 60ට වැඩි සියළුම පුද්ගලයන්ට රජයේ රෝහල්වලදී එන්නත් ලබා දීමට නියමිත බව ද ඔහු පැවසීය.

එන්නත්කරණ වැඩසටහන සඳහා මූලික රෝහල් දිස්ත්‍රික් රෝහල් සහ පළාත් රෝහල් ඇතුළු රෝහල් පද්ධතියේ රෝහල් ගණනාවක් යොදා ගැනීමට නියමිත බව ද ලේකම්වරයා කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here