Home දේශීය පුවත් පැහැරගත් කට්ටඩියාගේ සිරුර කැලණි ගඟේ පාවෙ යි

පැහැරගත් කට්ටඩියාගේ සිරුර කැලණි ගඟේ පාවෙ යි

0
පැහැරගත් කට්ටඩියාගේ සිරුර කැලණි ගඟේ පාවෙ යි

දම්වැල්වලින් අත්පා ගැටගැසා වෙඩි තබා ඝාතනය කළ කට්ටඩියෙකුගේ බවට සැකකරන මළ සිරුරක් කැලණි ගඟේ පාවෙමින් තිබියදී අද (26) දහවල් රනාල ප්‍රදේශයේදී හමුවී තිබේ.

සිය අනියම් බිරිද සමග හංවැල්ල ඇඹුල්ගම තාවකාලිකව පදිංචිව 54 වියැති පුද්ගලයෙක් මෙසේ ඝාතනයට ලක්ව ඇතැයි නවගමුව පොලීසිය සැකකරයි. මෙම පුද්ගලයා හල්දුම්මුල්ලේ පදිංචිකරුවෙක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා සදහන් කළේය.

ඉකුත් 23 වෙනිදා යතුරු පැදියකකින් පැමිණි පුද්ගලයෙක් මෙම පුද්ගලයාට පහරදී යතුරු පැදියෙන්ම පැහැරගෙන ගොස් ඇති බවට හංවැල්ල පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබුණු බවද අජිත් රෝහණ මහතා පැවැසීය.

ඔවුගේ අත් දම්වැලකින් බැඳ අගුල් දමා තිබෙන බවත් හිසට වෙඩි ප්‍රහාර දෙකක් එල්ල වී ඇති සලකුණු තිබෙන බවත් නවගමුව පොලීසිය සදහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here