Home උණුසුම් පුවත් ගිනිගත් නැවේ ධීවර වන්දිය බෙදාහරින්න කමිටුවක් පත්කෙරේ

ගිනිගත් නැවේ ධීවර වන්දිය බෙදාහරින්න කමිටුවක් පත්කෙරේ

ගිනිගත් නැවේ ධීවර වන්දිය බෙදාහරින්න කමිටුවක් පත්කෙරේ

මෙරට මුහුදේ දී ගිනිගෙන මුහුදුබත් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් ශ්‍රී ලාංකික ධීවර ප්‍රජාවට සිදුවූ පාඩුව සඳහා පළමු අතුරු වාරිකයෙන් රුපියල් මිලියන 720 ක් ගෙවීමට නෞකාවේ රක්ෂණ සමාගම එකඟ වීමත් සමග අලාභහානි ඉල්ලීම් බෙදාහැරීමට විශේෂ කමිටුවක් පත් කර තිබේ.

ධීවර රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසන්නේ නීතිපති කාර්යාලය, විගණකාධිපති කාර්යාලය, ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ධීවර අමාත්‍යාංශය සහ අනෙකුත් නිලධාරීන් ඇතුළු රජයේ නිලධාරීන්ගේ කමිටුවක් මෙලෙස පත්කරන බවයි.

ලන්ඩනයේ පී ඇන්ඩ් අයි ක්ලබ් නමැති සමුද්‍රයීය රක්ෂණ සමාගම විසින් මෙම වන්දි මුදල් ගෙවීමට එකඟතාව පළ කර ඇත.

ඒ අනුව නීතිපතිවරයා විසින් ලබාදුන් වාර්තාවට අනුව මැයි 20 වැනිදා සිට 2021 ජුනි මස 3 වැනිදා දක්වා ධීවර ප්‍රජාව වෙත නැව නිසා සිදුකරන ලද පාඩු සම්බන්ධයෙන් ගෙවන පළමු අතුරු වාරිකයෙන් මෙම වන්දි මුදල ලබාදෙනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here