Home උණුසුම් පුවත් ප්‍රතිශක්තිය අඩු අයට ප්‍රතිදේහ මිශ්‍රණයක් හදිසි භාවිතයට අනුමැතිය

ප්‍රතිශක්තිය අඩු අයට ප්‍රතිදේහ මිශ්‍රණයක් හදිසි භාවිතයට අනුමැතිය

ප්‍රතිශක්තිය අඩු අයට ප්‍රතිදේහ මිශ්‍රණයක් හදිසි භාවිතයට අනුමැතිය
2020-03-27 14:16:41 WOERDEN - Vlaggen bij een vestiging van Roche. De Zwitserse farmaceut met ook vestigingen in Nederland levert apparatuur, materialen en vloeistoffen aan ziekenhuislaboratoria voor het uitvoeren van coronatests. ANP REMKO DE WAAL

අංජනා මල්ලවාරච්චි

ලෝකයේ දැවැන්තම ඖෂධ සමාගමක් වන Roche සමාගම විසින් හඳුන්වා දෙන ලද REGN-COV2 ප්‍රතිදේහ මිශ්‍රණය භාවිතා කිරීමට ශ්‍රී ලංකා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය හිමි වී ඇත.

ඒ අනුව කොවිඩ් රෝගය වැළඳී අවදානම් තත්ත්වයට පත්විය හැකි, අඩු ප්‍රතිශක්තියක් සහිත රෝගීන් සඳහා මෙම ප්‍රතිදේහ මිශ්‍රණය ලබාදීමට ශ්‍රී ලංකාවේ ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය හිමි වී තිබේ.

පිළිකා රෝගය, ඇටමිදුලු බද්ධ කිරීම, අවයව බද්ධ කිරීම, හදවත් රෝග පෙනහළු රෝග හා දියවැඩියාව වැනි රෝග තත්ත්වයන්ගෙන් පෙළෙන රෝගීන් සඳහා මෙන්ම වයස අවුරුදු 60ට වැඩි රෝගීන් සඳහා ද මෙම ප්‍රතිදේහ මිශ්‍රණය භාවිතා කිරීමට ශ්‍රී ලංකා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය හිමි වී හිමිවී තිබේ.

මෙම ප්‍රතිදේහ මිශ්‍රණය හදිසි භාවිතය සඳහා ශ්‍රී ලංකාවේ අනුමැතිය හිමි වීමට පෙර වෙනත් රටවල් කීපයක ද අනුමැතිය ලබාගෙන ඇත.

ඇමරිකා එක්සත් ජනපදය ඉන්දියාව ස්විස්ටර්ලන්තය ජපානය සහ යුරෝපා සංගමයේ රටවල් වන ජර්මනිය, ප්‍රංශය, ඩෙන්මාර්කය, නෙදර්ලන්තය, ඉතාලිය, ස්වීඩනය, බෙල්ජියම වැනි රටවල් ගණනාවක් මෙම ප්‍රතිදේහ මිශ්‍රණය දැනටමත් භාවිතා කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි.

ඒ අනුව මින් ඉදිරියට අවදානම් සහිත රෝග තත්ත්වයන්ගෙන් පෙළෙන කොවිඩ් රෝගීන් සඳහා මෙම ප්‍රතිදේහ මිශ්‍රණය භාවිතා කිරීමට රෝහල්වලට අවසර ලැබෙන බව ද ජාතික ඖෂධ නියාමන අධිකාරිය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here