Home උණුසුම් පුවත් දුමින්දට දුන් සමාව ගැන ජාත්‍යන්තරයෙනුත් විරෝධයක්

දුමින්දට දුන් සමාව ගැන ජාත්‍යන්තරයෙනුත් විරෝධයක්

දුමින්දට දුන් සමාව ගැන ජාත්‍යන්තරයෙනුත් විරෝධයක්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ජනාධිපති සමාව දීම සම්බන්ධයෙන් අද ජාත්‍යන්තරයෙන් ද ඇතැම් පාර්ශ්වවලින් විරෝධය මතුවිය.

සහෝදර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ඝාතනයකට වරදකරු වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබාදීම පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලට දෝෂ දර්ශනයට ලක්කර තිබේ.

එහි නිල සමාජ ජාල ගිණුමකින් සඳහන් කර තිබෙන්නේ, දේශපාලඥයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරුවෙකු වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා හට ජනාධිපති සමාව ලබාදී අත්තනෝමතික ලෙස නිදහස් කිරීම, නීතියේ අධිපත්‍යය දුර්වල කරන සහ වගවීමේ ක්‍රියාවලිය අඩපණ කිරීමට තවත් උදාහරණයක් බවයි.

මේ අතර මෙරට මෙරට අමෙරිකා එක්සත් ජනපද තානාපතිනි ඇලෙයිනා බී ටෙප්ලිට්ස් ද මේ පිළිබඳ අප්‍රසාදය පළකරමින් සිය නිල සමාජ ජාල ගිණුම් ඔස්සේ සටහනක් තබා තිබුණි.

ඇය පෙන්වා දෙන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටි සිරකරුවන් ඉක්මනින් නිදහස් කිරීම සාදරයෙන් පිළිගන්නා නමුත් 2018 දී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වරදකරු කරනු ලැබූ දුමින්ද සිල්වාට සමාව දීම නීතියේ ආධිපත්‍යයට වලකැපීමක් බව ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here