Home උණුසුම් පුවත් එක්ස්ප්‍රස් පර්ල් ගැන හානි තක්සේරුවට ආ ජගත් පරිසර විශේෂඥයෝ වැඩ අරඹති

එක්ස්ප්‍රස් පර්ල් ගැන හානි තක්සේරුවට ආ ජගත් පරිසර විශේෂඥයෝ වැඩ අරඹති

එක්ස්ප්‍රස් පර්ල් ගැන හානි තක්සේරුවට ආ ජගත් පරිසර විශේෂඥයෝ වැඩ අරඹති

කොළඹ වරායට නුදුරු මුහුදේ දී ගිනිබත් වී මුහුදුබත් වූ එම්වී එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සිද්ධියට අදාළ හානිය තක්සේරු කිරීම සහ අයකර ගැනීමේ ක්‍රියාවලිය තහවුරු කිරීම සඳහා මෙරටට පැමිණි එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ ( UNEP ) විශේෂඥයින් සිව් දෙනා අද (19) ඒ පිළිබද මූලික පරීක්ෂණයක නිරත වී තිබේ.

නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැර කිරීම සහ ප්‍රජා පිරිසිදුකම පිළිබඳ රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා පැවසුවේ ඒ පිළිබද සාකච්ඡාවක් අද ( 19 ) උස්වැටකෙයියාව වෙරළේ දී පැවති බවයි.

එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන (UNEP) යනු ගෝලීය පාරිසරික න්‍යාය පත්‍රය සැකසෙන, එක්සත් ජාතීන්ගේ පද්ධතිය තුළ තිරසාර සංවර්ධනයේ පාරිසරික මානය සමපාතව ක්‍රියාත්මක කිරීම ප්‍රවර්ධනය කරන සහ ගෝලීය පරිසරය සඳහා බලයලත් උපදේශකයෙකු ලෙස සේවය කරන ප්‍රමුඛ ගෝලීය පාරිසරික අධිකාරියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here