Home දේශීය පුවත් උණුසුම් පුවත් නෞකා ගින්නෙන් හානි වූ වෙරළ පිරිසිදු කිරීමට ඕස්ට්‍රේලියාවෙන් අතහිත

නෞකා ගින්නෙන් හානි වූ වෙරළ පිරිසිදු කිරීමට ඕස්ට්‍රේලියාවෙන් අතහිත

0
නෞකා ගින්නෙන් හානි වූ වෙරළ පිරිසිදු කිරීමට ඕස්ට්‍රේලියාවෙන් අතහිත

එක්ස්ප්‍රස් පර්ල් නෞකා ගින්නෙන් හානියට පත්වූ මෙරට වෙරළ තීරය පිරිසිදු කිරීමට අවශ්‍ය රුපියල් මිලියන 20 ක උපකරණ තොගයක් මෙරට ඕස්ට්‍රේලියානු මහා කොමසාරිස් ඩේවිඩ් හෝලි මහතා විසින් ඊයේ (16) සමුද්‍රීය ආරක්ෂණ අධිකාරියේ සභාපති නීතීඥ දර්ශනී ලහඳපුර මහත්මියට බාරදෙන ලදි.

නෞකා ගින්නෙන් මතුවූ අභියෝගාත්මක තත්වය ඕස්ට්‍රේලියාව වටහාගෙන ඇති බැවින් ශ්‍රී ලංකාවට ඒ සම්බන්ධයෙන් සහය දීමට සූදානම් බව එම උපකරණ ලබාදෙමින් ඕස්ට්‍රේලියානු මහා කොමසාරිස් ඩේවිඩ් හෝලි මහතා සදහන් කළේය.

ඕස්ට්‍රේලියාවෙන් ලද පරිත්‍යාග අතර ශරීරාරක්ෂණ ආවරණ 11,000 ක්, අත්වැසුම් 1,000 ක් , මුහුණු ආවරණ 30,000 ක්, ඇස් කණ්නාඩි 200 ක් ආරක්ෂිත පාවහන් යුගල 300 ක් හිස් වැසුම් 200 ක් ඇතුලත් බව ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය සදහන් කරයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here