Home උණුසුම් පුවත් අත්අඩංගුවට ගත් එක්ස්ප්‍රස් පර්ල් දේශීය නියෝජිත සමාගම් සභාපතිට ඇප

අත්අඩංගුවට ගත් එක්ස්ප්‍රස් පර්ල් දේශීය නියෝජිත සමාගම් සභාපතිට ඇප

අත්අඩංගුවට ගත් එක්ස්ප්‍රස් පර්ල් දේශීය නියෝජිත සමාගම් සභාපතිට ඇප

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අද (16) දහවල් අත්අඩංගුවට ගත් සී කොන්සෝටියම් ලංකා සමාගමේ සභාපති අර්ජුන හෙට්ටිආරච්චි මහතා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින්වූ ශරීර ඇප දෙකක් මත නිදහස් කර තිබේ.

සිය නීතිඥවරුන් මාර්ගයෙන් අර්ජුන හෙට්ටිආරච්චි මහතා අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරවීමෙන් පසුව ඔහු අත්අඩංගුවට ගෙන තිබුණි.

කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා එහිදී තවදුරටත් නියෝග කළේ ඇපකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු සැකකරුගේ ළඟම ඥාතියෙකු නොවිය යුතු බවට ය.

සැකකරුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාරදිය යුතු බවත් ඔහුගේ විදේශ ගමන් තහනම් කරන බවත් විනිසුරුවරයා නියෝග කළේය.

මෙම නියෝගය ආගමන විගමන පාලකවරයා වෙත දැනුම් දෙන ලෙසත් සැකකරු වෙත අලුතින් විදේශ ගමන් බලපත්‍රයක් නිකුත් කිරීමෙන් වළකින ලෙස මෙන්ම ගුවන් තොටුපොළවල් හා සියලු වරායන් වෙත දැනුම්දෙන ලෙසත් නියෝග කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here