Home COVID කොවිඩ් මරණ 605 ක් භූමදානය කරල

කොවිඩ් මරණ 605 ක් භූමදානය කරල

0
කොවිඩ් මරණ 605 ක් භූමදානය කරල

කොවිඩ් 19 වෛරස ආසාදිතව මිය ගිය පුද්ගලයින් 605 දෙනෙකුගේ දේහයන් අද (15) වන විට මඩකලපුව ඔට්ටමාවඩි ප්‍රදේශයේ භූමදානය කර ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සදහන් කරයි.

කොවිඩ් 19 සම්බන්ධයෙන් අද (15) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඒ මහතා ඒ බව සදහන් කළේය.

ඉස්ලාම් භක්තිකයන්ගේ දේහයන් 572 ක්ද, හින්දු භක්තිකයන්ගේ දේහයන් 14 ක්ද, ක්‍රිස්තියානි භක්තිකයන්ගේ දේහයන් 12 ක්ද , බෞද්ධයන්ගේ දේහයන් 07 ක්ද ඒ අතර ඇතැයි වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවැසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here