Home COVID ගෙවුණු දිනයේ ලක්ෂයකට කොවිඩ් එන්නත් දෙයි

ගෙවුණු දිනයේ ලක්ෂයකට කොවිඩ් එන්නත් දෙයි

ගෙවුණු දිනයේ ලක්ෂයකට කොවිඩ් එන්නත් දෙයි

අංජනා මල්ලවාරච්චි

කොරෝනා මර්ධන එන්නත් ඊයේ ලක්ෂයකට ආසන්න පිරිසකට ලබා දී ඇතැයි කොළඹ වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

චීනයේ නිෂ්පාදිත සයිනෝෆාම් එන්නතේ පළමු මාත්‍රාව 31440 දෙනෙකුට සහ දෙවන මාත්‍රාව 66463 දෙනෙකුටද රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් එන්නතේ දෙවන මාත්‍රාව 1576 කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව 263 දෙනෙකුටද ආදී වශයෙන් ලබාදී තිබෙන බව ද වසංගත රෝග විද්‍යා අංශය කියයි.

මේ වන විට කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව 925242 එහි දෙවන මාත්‍රාව 355675 දෙනකුටත් සයිනෝෆාම් එන්නතේ පළමු මාත්‍රාව 1326874 දෙනකුට සහ එහි දෙවන මාත්‍රාව 253835 දෙනෙකුට ලබාදී තිබේ.

ස්පුට්නික් එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පිරිස 64986ක් වන අතර එහිදි දෙවන මාත්‍රාව ලබා ගත් පිරිස 3690කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here